https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8BAcCebw09KGp3SxCW76kLzQyrTPcLiz87LF2K1PiIF93H7suKvZTPtUUAEeb23VjenD2AJQa579279eb38o_bu70Fk_doXufDB0Pxd_MpfX56nuxL6uD3lVl7cP_2aRAJsNjEy-z0sQ/s1600/1000MUSICMART95HEAD.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpK2lu-5cre3rc7dy08dElp5ABBnRgC4d6-tvHNGEThxejlBEDnoB6mug7k4OD9NLh8lHnRYQuJTFT8ZkNZohTmCJVggz6tsFS6uSlo0zpVz_l9S7LIpxQ-AzLY72m9GuVVGCzqdTB50s/s180/MUSIIIS22022222.png
The No. 1 VIDEOS - LIVESHOW,LASTED VIDEOS FREE DOWNLOAD ­
click for free hit counter
get a free hit counter

DO NOT PLEASE AT SONG NOT SALE

DO NOT PLEASE AT SONG NOT SALE

Thursday, September 15, 2011

ඇෆ්ගන්, නේටෝ මූලස්ථානයට සහ ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ පැය 20ක තලේබාන් ප්‍රහාරය

ඇෆ්ගන්, නේටෝ මූලස්ථානයට සහ ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ පැය 20ක තලේබාන් ප්‍රහාරය   ඇෆ්ගනිස්ථානයේ කාබුල් හී පිහිටි ඇමෙරිකානු තනාපති කාර්යාලයට සහ නේටෝවේ ප්‍රධාන ගොඩනැඟිල්ලි වටකරමින් තලේබාන් කැරලිකරුවන් පිරිසක් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්ම කරුවන් පස් දෙනෙකුට අධික ප්‍රමාණයක් සහභාගී වී ඇති බව දැන් සනාථ වී ඇත.
මෙම ප්‍රහාරය සඳහා ග්‍රේනේඩ් රොකට් විදින සහ තවත් කුඩා අවි කිහිපයක් යොදාගෙන ඇති අතර ප්‍රහාරයේ දී පුද්ගලයින් නව දෙදෙකු මරමුවට පත්ව 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඊයේ දින වාර්තා වී තිබින. ඊයේ රාත්‍රිය පුරාම කාබුල් නුවර පිහිටි නේටෝ මූලස්ථානය සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය අවටින් කඩින් කඩ වෙඩි හඬවල් ඇසුනු බව විදෙස්වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.
ප්‍රබල පිපිරුම් දෙකක්ද හටගත් බවත් එක් ජනමාධ්‍යවේදීයෙකුගේ කකුලට වෙඩි වැදිමෙන් තුවාල ලැබූ බවත් ඊයේ දින රොයිටර් වාර්තාවල සඳහන් විය.
මෙම ප්‍රහාරයෙන් මොහොතකට පසුව ඇෆ්ගන් බලධාරීන්ගේ ප්‍රකාශයන්ට අනුව පළ වූ වාර්තාවලට අනුව, ඇමෙරිකානු තනාපති කාර්යාලය ලෙස භාවිතා කරනු ලබන ගොඩනැඟිල්ලේ තට්ටු තුනක් තලේබාන් ප්‍රහාරකයින්ගේ ග්‍රහණයෙන් නිදහස් කර ගැනීමට දැඩි සටන් දීමට සුදු වූ බවට සඳහන් වී තිබුණු අතර තවත් තට්ටු කිහිපයක් නිදහස් කරගැනීම සදහා සටන් කරමින් පවත්න බව සඳන්ව තිබින. ඊයේ වන විට මෙම ප්‍රහාරය සඳහා සහභාගී වූ ඇෆ්ගන් කැරලිකරුවන් 7 දෙනෙකු මරමුවට පත්ව තිබුණු බව ඇසෝසියෙටඩ් ප්‍රෙස් (ඇ.ප්‍රෙ) වාර්තාවක සඳහන් වී තිබින. ප්‍රහාරකයෝ දෙදෙනෙකු 11 වෙනි සහ 12 වෙනි තට්ටුවේ සැඟව සිට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටි බවද ඇෆ්ගන් පොලිසියේ ප්‍රධානී ජෙනරාල් අයුබ්ගේ (General Ayub) ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබින.
ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ මෙම ප්‍රහාරයෙන් නේටෝ සහ ඇමෙරිකානු තනාපති කාර්යාල වල නිලධාරීන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බව බටහිර මාධ්‍ය විසින් සඳහන් කර තිබුණ ද, ඔවුන්ද තුවාල ලබා ඇති බව ඉංග්‍රීසී භාෂාවෙන් විසුරුවා හරිනු ලබන ඉරාන ප්‍රෙස් රුපවාහිනී (Press TV) ඊයේ දින වාර්තාවල සඳහන්ව තිබින.
ඊයේ වන විට මෙම ප්‍රහාරය සඳහා තලේබාන්වරුන් මරා‍ගෙන මැරෙන ප්‍රහාරයන් දෙකක පිළිබඳව වාර්තා වී තිබූ අතර එහිදී, එක් පොලිස් මුරපොළකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මරාගෙන මැරෙන බෝම්බකරුවා ඇතුළු එක් පොලිස් නිලධාරීයෙක් මරමුවට පත්වූ බවත්, තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලැබු බවත් ඇ.ප්‍රෙ. වාර්තාවල සඳහන් වී තිබින.
ඊයේ දින වාර්තා වූ අනෙත් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලව ඇත්තේ පාසැලකටය. මරාගෙන මැරෙන බෝම්බකරු පාසැලට ඇතුල්වීමට උත්සහ කිරීමේ දී ආරක්‍ෂ මුර සේවාවේ ආරක්‍ෂක සේවකයින් විසින් ඔහුව නතර කිරීමට යාමේ දී ඔහු ‍තම ඇඳුම් අතර සඟවාගෙන සිටි බෝම්බය පුපුරාවගෙන ඇත. එහිදි බෝම්බකරු මරමුවට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තලේබාන්වරු මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූ ප්‍රදේශ ඇෆ්ගනිස්ථානයේ ඉහළම ආරක්‍ෂාව සහිත ස්ථාන බව සඳහන් වේ. ඇෆ්ගන් ජාතික ආරක්‍ෂක හමුදාව (ANS) සහ ඒකාබද්ධ බටහිර හමුදාවන් මෙම ප්‍රහාරය හේතුවෙන් දැඩි කලබලයට පත්වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ. කාබුල් නගරයට දැඩි හදිසි අනතුරු ඇඟවීම් තත්ත්වයක් ද බලධාරීන් විසින් නිකුත්කර ඇතැයි සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉහළම අනතුරු ඇඟමක් නිකුත් කර තිබීම ඒ අතර විශේෂත්වයක් බව ද සඳහන් වේ. මෙම ප්‍රහාරය මැඬලීම සඳහා නේටෝ හමුදා විසින් ගුවනින් ද ප්‍රහාර එල්ල කළ බව සදහන් ය. කෙසේ හෝ ඊයේ රාත්‍රිය පුරාම සහ අද දිනයේ උදය කාලය පුරාම කාබුල් නුවර සටන් පැවැති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
මෙම ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති ඇමෙරිකානු ජනාධිපති පරිපාලනය, ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල කරනු ලැබූ මෙම ප්‍රහාරය මඟින් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ සිදුකරනු ලබන මෙහෙයුම් කිසි ලෙසකින්වත් අඩාල කළ නොහැකි බව පවසා ඇත.
“අපේ මෙහෙයුම් සාර්ථක කර ගැනීම සඳහා සිවිල් කාන්තාවන් සහ සිවිල් පිරිමින් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරනු ලබන සේවය කිසි ලෙසකින්වත් බියට පත් කර අඩාල කළ නොහැකි මෙය ඉතා බියඟුලු ප්‍රහාරයක් පමණයි.” යනුවෙන් ඇමෙරිකානු රාජ්‍යය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය පැවසූ බව වොෂින්ටන් පොස්ට් වාර්තාවේ සඳහන් වී තිබින.
“කාබූල් වලට එල්ල කරනු ලැබූ ප්‍රහාරය මරාගෙන මැරෙන අඳුම් කට්ටල භාවිතා කරමින් 5 දෙනෙකු හෝ ඊට ආසන්න පිරිසක් විසින් දියත් කරනු ලැබූ ප්‍රහාරයක්” CIA අධ්‍යක්‍ෂක ඩේවිඩ් පෙත්‍රායස් (David Petraeus) විසින් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු තානාපති රයන් ක්‍රෝකර් (Ryan Crocker) සමඟ කළ සාකච්ඡාවකින් පසුව සඳහන් කර තිබින. CIA අධ්‍යක්‍ෂකගේ ප්‍රකාශයට අනුව මෙම ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරකයින් 5 දෙනෙකු හෝ ඊට ආසන්න පිරිසක් පැමිනියේද එසේත් නැත්නම් ප්‍රහාරය සඳහා පැමිණි මුළු පිරිස 5 ක් හෝ ඊට ආසන්න පිරිසක්ද යන්න පැහැඳිළි නැත.
කෙසේ හෝ, නේටෝ හමුදාවන්ට සහ ANS යට දින දෙකක්ම කැරලිකරුවන් සමඟ සටන් කිරීමට සිදූ වී ඇත්තේ මෙම ප්‍රහාරයට පැමිණි පිරිස අති විශාල පිරිසක් විය හැකි බැවින් බව ප්‍රෙස් ට්‍රීවී මාධ්‍ය සඳහන් කරයි.
බොහෝ විදෙස් වාර්තාවලට අනුව ඊයේ දින ඇෆ්ගන් වේලාවෙන් පසුවරු 01:30 ට කැරලිකරුවන් විසින් එකවර කඩා වැඳිමෙන් දියත් කරනු ලැබූ දැඩි ප්‍රහාර මාලාවකින් පසුව ඔවුන් එකින් එක හිස් ගොඩනැඟිලි අත්පත් කරගැනීමට කටයුතු කර ඇත. රුසියා ටුඩේ වාර්තාවලට අනුව දියදිවි නසා ගැනීමේ බෝම්බ 4 ක් පුපුරුවා ගනිමින් මෙම ප්‍රහාරය දියත්කර ඇත.
රුසියානු තනාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු වන Stepan Anikeyev රුසියානු මාධ්‍යට පවසා ඇති ආකාරයට ඊයේ සවස්වරුව පුරාම කිලෝමීටර් ගණනක් දුරට එක දිගට වෙඩි හඬ ඇසෙමින් තිබී ඇත.
“නොනවතින වෙඩි හඬ අප සිටින තනාපති කාර්යාලයෙන් පිටත කිලෝමීටර් ගණනක් දුරට ඇසෙනවා. රුසියානු ජාතිකයින් ගැන තවම කිසිදු පැහැඳිළි තොරතුරක් දැන ගන්නට නැහැ. සාමන්‍යයෙන්, අපට ආරංචි ආකාරයට මිය ගොස් සහ තුවාල ලැබූ පිරිස් අති විශාල විය හැකි බව සඳහන් වෙනවා.” ඔහු රුසියානු Interfax වෙත පවසා තිබින. ඇමෙරිකානු තානාපති කාර්යාලය ගොඩනැඟිල්ල ගිනි ගෙන දැවෙමින් පවතින නිසාවෙන් කබූල් නගරයම තැතිගෙන ඇතියි මෙම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඊසෆ් (ISAF) වාර්තාවලට අනුව කාබුල් ගුවන් තොටුපලට යාමට උත්සහ කළ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ANP විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව වෙඩි තබා ඝාතනය කර ඇත.
මීට පෙර 12 දෙනෙකුට මරු කැඳවමින් කාබූල් හී පිහිටි බ්‍රිට්‍රිස් කවුන්සිල් කාර්යාලයට එල්ල කරනු ලැබූ ප්‍රහාරයනේ සතියක් ඉක්ම යාමටත් ප්‍රථම මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක් බව ද සඳහන් වේ.
පසුගිය ජූලී මාසයේදී නේටෝව විසින් ඇෆ්ගන් හමුදාවන්ට බලය පැවරීමෙන් පසුව තලේබාන්වරුන්ගේ ක්‍රියාකාරීත්වයේ දැඩි වර්ධනයක් දැක ගත හැකි බව මෙම ප්‍රහාර මාලාවන් පිළිබඳව විග්‍රහා කරන ඇමෙරිකානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියි.
මෙම ප්‍රහාරය පිළිබඳව ලොව නන් දෙසින් එක් එක් විශේෂඥයෝ විවිධ අදහස් පළ කර ඇති බවක් ද පෙනී යයි. පකිස්ථානු පාර්ලීමේන්තු මංත්‍රීවරයෙකු වන අහමඩ් කුරයිෂි (Ahmed Quraishi) පවසන ආකාරයට මෙම ප්‍රහාරය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු හමුදා සෙබළුන්ගේ චිත්ත ධෛර්යය තව තවත් දුර්වල වී ඇත.
“ඔවුන් 9/11 ප්‍රහාරයේ 10 වස් සැමරුම පවත්වා අවසන් වූවා පමණයි, නැවතත් එම ප්‍රශ්නයේම කොටසක් ලෙස ඔවුන්ට මීට දස වසරකට පෙර විදීමට සිදු වූ කටුක අද්දැකීම් නැවතත් විදීමට සිදුවී ඇත. තවද, වසර ගණනකට පසුත්, ඇමෙරිකාව හෝ ඔහුගේ ඒකාබද්ධ මිතුරෝ හෝ කිසිවෙකුත් තත්වාකාරයෙන් සහ සම්පූර්ණයෙන් කාබූල් නුවර සම්පූර්ණ පාලනය තමන් සතු කරගත් බවක් නොපෙනේ.” යැයි ඔහු පවසයි.
මෙවැනි ප්‍රහාරයක් දියත් කිරීමට නම් තලේබාන් කැරලිකරුවන්ට භූමීයේද විශාල සහයෝගයක් අවශ්‍යය බව ද ඔහු කියා සිටියි. එහිදී, ඇමෙරිකානු සහ නේටෝ හමුදා ‍ඩොලර් බිලියන ගණනක් වියදම් කරමින් සිදුකරනු ලැබූ සියළුම මෙහෙයුම් අසාර්ථක වී ඇතැයි ඔහු කියා සිටියි.
“මෙවැනි සුවිශේෂී ත්‍රස්ත ප්‍රහාරයක් භූමීයේ සිටින අසල්වැසි පිරිස්ගේ සහය නොමැතිව එල්ල කිරීමට හැකි වේ යැයි විශ්වාස කිරීම අපහසුයි. ඇෆ්ගනීස්ථානයේ දී ස්ථීරවම ඇමෙරිකාව ප්‍රමුඛ පිරිස් පරාද වී ඇත. මෙවැනි ප්‍රහාර ඉදිරියේදීත් සිදුවිය හැකියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
කෙසේ හෝ, දින දෙකක තුල පැය 20 කට අධික කාලයක් පැවැති දරුණු සටනකින් පසු අද උදය වනවිට ඇමෙරිකානු තනාපති කාර්යලය අඩංගු ගොඩනැඟිල්ල කැරලිකරුවන්ගෙන් නිදහස් කරගත් බව ඇ.ප්‍රෙ. නවතම වාර්තාවක සඳහන් වී තිබින. 20 දෙනෙකු පමණ මරමුවට පත්වූ බව ද එම වාර්තාවල සඳහන් වේ.
ඇමෙරිකාවේ Brave New Foundation නම් ආයතනයක අධ්‍යක්‍ෂකයෙකු වන Derrick Crowe නම් දේශපාන විචාරකයා පෙන්වා දෙන ආකාරයට මෙම තලේබාන් ප්‍රහාරයත් සමඟ වොෂින්ටනයේ යුධ ක්‍රියා පිළිවෙත ඇෆ්ගනිස්ථානයේදී සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත. එම අසාර්ථකත්වය කොතරම්ද යත් ඇමෙරිකානුවන්ගේ බදු මුදල් වන ඩොලර් ට්‍රිලියන භාගයක මුදලක් සම්පූර්ණයෙන්ම වතුරේ ගසාගෙන ගොස් ඇත.
“මෙම ප්‍රහාර මාලාවෙන් අපිට දැක ගැනීමට හැකි වන්නේ කුමක් ද?, ඇමෙරිකානුවන් වැය කළ මුදල් ප්‍රමාණයට සාපේක්‍ෂව ඇෆ්ගනිස්ථානය ඇමෙරිකානුවන්ට කොහොත්ම ආරක්‍ෂික ස්ථානයක් නොවන බවයි.” ඔහු කියයි.
ඔබාමාගේ පරිපාලනය යටතේද සිදුවූ කැරලි කොලාහල වලට සාපේක්‍ෂව ඇෆ්ගනිස්ථානයේ විදෙස් හමුදාවන් පිරිස බලය රැඳවීම ඉහළ ගොස් ඇති බවත්, එහෙත් දැන් තලේබාන් කැරලිකරුවන් ද සාපේක්‍ෂ වශයෙන් වර්ධනය වෙමින් ඇ‍ෆ්ගනිස්ථානයේ ජාතික නිදහස් ව්‍යාපාරය පවට පත්වෙමින් සිටින බවත් ඔහු කියා සිටියි.
“දස දහස් ගණනක හමුදාවක් යොදා ගනිමින් ඔවුන්ව නඩත්තු කිරීම සඳහා සතියකට පමණක් බිලියන දෙකක මුදුලක් වැය කරමින් සිදුකරනු ලබන සියළුම මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත. දිනෙන් දින තව තවත් ප්‍රශ්නය උග්‍රවීම පමනයි සිදුවන්නේ. ඇමෙරිකානු හමුදා වහාම තලේබාන්වරුන් සමඟ සාකච්ඡා පැවැත්විය යුතුයි.” ඔහු වැඩිදුරටත් කියා සිටියි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Disclaimer Songs & Mp3 are only a trial version, Please go to your Local Retailer & Buy the Orginal version of cd’s or cassetes of these Media file. The songs here are for promotional purpose only. Making CD’s from Mp3 files is illegal. These are provided to give users the idea of best music. This blog does not host any of the files mentioned on this blog or on its own servers. It only points out to various links on the Internet that already exist and are uploaded by other websites or users. This blog hold no responsibility for any illegal usage of the content.
free counters
Powered by Blogger.
░█░░░█░█░▄▀░█▀▀░░░░▀█▀░█░█░█░▄
▀▀ ░█░░░█░█▀░░░█▀░░▄▄░░█░░█▀█░█░░▀▄ ░█▄▄░█░█░▀▄░█▄▄░░░░░█░░█░█░█░▄▄▀ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆ ░░░░█▀█░█░░░█▀▀░█▀█░█▀▀░█▀▀░░░█░ ░░░░█▀▀░█░░░█▀░░█▀█░▀▀█░█▀░░░░▀░ ░░░░█░░░█▄▄░█▄▄░█░█░▄▄█░█▄▄░░░▄░ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫M۪۫۰۰۪۫O۪۫۰۰۪۫R۪۫۰۰۪۫N۪۫۰۰۪۫I۪۫۰۰۪۫N۪۫۰۰۪۫G۪۫
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫N۪۫۰۰۪۫I۪۫۰۰۪۫G۪۫۰۰۪۫H۪۫۰۰۪۫T۪۫۰

 
http://img233.imageshack.us/img233/8828/ggytu.png