DO NOT PLEASE AT SONG NOT SALE
Thursday, September 15, 2011
ගඩාෆිගේ පරාජයෙන් මතුවන බටහිරයන්ගේ ‘හෙළුව’
5:40 AM
ADMIN
මේ වන විට ලිබියාවේ හිටපු ජනාධිපති මුවමර් ගඩාෆි ඇල්ජිරියාවේ හෝ වෙනත් අසල්වැසි රටක නිදි වර්ජිතව දීර්ඝ රාත්‍රියක් ගෙවමින් සිටිනවා විය හැක. ඔහුට හිතවාදී නිළධාරින් සහ හමුදාව මේ වන තුරු යටත් වීමට තීරණය කොට නැත. බොහෝ විට ඔවුන් දීර්ඝ කාලීන ගරිල්ලා සටනකට සුදානම් වෙමින් සිටිනවා විය හැක. එසේම මේ වන විට නේටෝ ප්‍රහාර නැවතී ඇත. ඒ නිසා විවිධ ක්‍රම හරහා ලිබියාවට ඇතුල් වී බෙන්ගාසි කැරලිකරුවන් මෙහෙය වූ ඇමෙරිකානු සී.අයි.ඒ ඔත්තු කරුවන් සහ හමුදා නිළධාරින් කෙටි විවේකයක් ගනිමින් සිටිනවා විය හැක. නමුත් 50,000කට අධික තම සහෝදර ජනතාවගේ මිනී කදු මත සිට ජයපැන් බොමින් සිටින, ඉතා හොදින් හැද පැළද ගත් බෙන්ගාසි ගැටව් අහසට තුවක්කු පත්තු කරමින් සතුට සහ භීතිය එකට මුසු කරති.
තවද ඊළඟ පාලකයා කවුදැයි නොදන්නා සාමාන්‍ය ජනතාව ලෙස හඳුන්වන තුවක්කු අතින් නොගත් කාන්තාවන් ජයඝෝෂා නඟමින් සිටිති. නමුත් මාස තුන හතරක කාලයකදී තම ජීවිත උඩු යටිකුරු කල කුලී හමුදා මෙහෙයුම නිසා ජීවිත අහිමි වූ, අතපය අහිමි වූ සහ දේපල අහිමි වූ මිනිසුන්ගේ සහ ඔවුන්ගේ නෑසියන්ගේ දුක්, සුසුම්, ආදෝනා බටහිර මාධ්‍යවේදින්ගේ කැමරාවල සටහන් වන්නේ නැත. ඒ නිසා ලිබියාවෙන් බොහෝ දුර බැහැර සිටින අපට ඒවා ඇසෙන්නේවත් පෙනෙන්නේවත් නැත. ඒ තත්ත්වය තුල ලිබියාවේ සිදු වූ දේ පිළිබඳව අප දන්නා දේ යම් පමණකට පදනම් වන්නේද ලිබියාවට හතුරු පිලේ සිට මාධ්‍ය මෙහෙයවන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ තීන්දු මතය.
මාධ්‍යයට පෙන්වීමට උවමනා වූ පින්තුරය කුමක් වුවත් ලෝකයේ ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට ලිබියාවේ සිදු වු දේ පිළිබඳ තර්කානුකූල පින්තූරයක් ගොඩනගා ගත හැකි ප්‍රමාණයට තොරතුරු ලැබුන බවට විවාදයක් නැත. එසේත් නැතහොත් තොරතුරු සැඟවීම සම්පුර්ණයෙන්ම සාර්ථක නොවූ බවට විවාදයක් නැත. කෙසේ වෙතත්, ලිබියාව කොල්ලකෑම සඳහා බටහිර අධිරාජ්‍යවාදි රටවල් දියත්කල කුමන්ත්‍රණකාරි ආක්‍රමණය කොතරම් පිළිකුල් සහගත වුවත් ලෝකයේ ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයන්ගේ නිහැඩියාවද ඒ තරමටම පිළිකුල් සහගත බව කිව යුතුය. කෙසේ වෙතත්, බටහිර යලි යටත්විජිතකරණ නව උපායමාර්ගයේ නග්න බව සහ කෘර බව ඉරාකයේදී හෝ ඇෆ්ගනිස්තානයේදීට වඩා ලිබියාවේදි එලිදරව් වූ බවට සැකයක් නැත.
ඉරාකයේ සදාම් හුසේන් ජනාධිපතිවරයාද ලිබියාවේ ගඩාෆි ජනාධිපති තරමටම ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ ඇසේ කටුවක් වී තිබු බව ලෝකයාට රහසක් නොවේ. නමුත් ඇමෙරිකානු අතපෙවීම් වලට මඟ පෑදීමට සදාම් හුසේන් ජනාධිපතිගේ ආක්‍රමණශීලි ක්‍රියාකලාපයද යම් පමණකට හේතු විය. ලෝකයේ නව බල කදවුරක් ගොඩනැගීම සඳහා වඩා පුළුල් දායකත්වයක් සපයනවා වෙනුවට ඔහු ඉරානය සමඟ යුද වැදීම සහ කුවේටය ආක්‍රමණය කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා තම පැවැත්ම දුර්වල කරගත්තේය. ඇත්තවශයෙන්ම ඔහු ඉරාක – ඉරාන යුද්ධයේදී ඇමෙරිකාවෙන් සහයෝගය ලබා ගැනීම දක්වා උපායමාර්ගික පටලවා ගැනීම් සිදු කරගත්තේය. මේ සියලූ තත්ත්වයන් විසින් සිවිල් වැසියන්ගේ ජීවිත ලක්ෂයක් සහ සිතාගත නොහැකි තරම් දේපල විනාශ කරමින් (ඇමෙරිකානු සංඛ්‍යා ලේඛන අනුව එසේ වුවත් සැබෑ තත්ත්වය ඊට තුන් ගුණයකින් වැඩි බව තහවුරු වී ඇත.) ඉරාකය අත්පත්කර ගැනීමට බටහිරයන්ට අවස්ථාව උදාකර දුනි.
ඒ අතර ඇෆ්ගනිස්තානය විසින්ම ඇමෙරිකාවේද උදව් ඇතිව නඩත්තු කල අල්කයිඩා සටන්කරුවන් ඇමෙරිකාවටම පහරදීම මුල්කරගෙන ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමට බටහිරයන්ට අවස්ථාව උදා වුණි. මේ මොහොත වන විටත් ඇෆ්ගන් ජනතාව දිනපතා තම ජිවිත වලින් ඒ වැරැද්දට වන්දි ගෙවමින් ඇත. නමුත් ඊ නියා ලෝක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිමේ ‘සද් කාර්යය’ ඉදිරියට දමමින් ඒ අපරාධ සාධාරණීකරණය කිරීමට ඇමෙරිකාව ප්රමුඛ බටහිර බලවේග සමත් වී ඇත. ඒ තත්ත්වය තුල ලෝක ප්රජාවද ඒ රටවල දිනපතා සිදුවන යුධ අපරාද සාධාරණීකරණය කිරීමට ප්‍රවණතාවක් දක්වා ඇත. නමුත් බටහිරයන් ලිබියාව තුල නිර්මාණය කල තත්ත්වය ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ තත්ත්වයන්ට වඩා බොහෝ වෙනස් බව පැහැදිලිව පෙනේ. ඇෆ්ගනිස්තානය ආක්‍රමණයට පෙර අල්කයිඩා මුලස්ථානය එහි තිබෙන බවට තහවුරු කිරීමට ඇමෙරිකානු මාධ්‍යය සමත් විය. නමුත් ලිබියානු රජය සහ ගඩාෆි ජනාධිපති පුද්ගලිකව අල්කයිඩාවට එරෙහිව ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක විය. ගඩාෆි ජනාධිපතිවරයා අල්කවයිඩා ත්රස්තවාදීන් අත් අඩංගුවට ගෙන රටින් පිටතට පැහැරගෙන යාමට පවා සී.අයි.ඒ සංවිධානයට උදව්කල බවට සාක්ෂි ඇත.
ගඩාෆි ජනාධිපතිවරයා සීතල යුද්ධය පැවති සමයේ උග්‍ර බටහිර විරෝධියකු ලෙස හැසිරුණු නමුත් කොමියුනිස්ට්වාදියකු නොවීය. ඒ කාලයේදී ඔහු බටහිර බලය ඉදිරියේ හිස නොනමන නායකුයෙකු ලෙස ලෝක ජනතාවගේ ප්‍රසාදයට පත්විය. සීතල යුද්ධය නිමවීමෙන් පසුව බටහිර බලය ඉදිරියේ යම් පමණක ගනුදෙනුවක් කලයතු බවට හෝ මාත්‍රාවකට යටත්විය යුතු බවට ගඩාෆි ජනාධිපතිවරයා තීරණය කල බවට සාක්ෂි ඇත. ඔහු ප්‍රංශය සමග න්‍යෂ්ඨික වැඩසටහනක් සඳහා සහයෝගිතා ගිවිසුම් ගැසුවේය. එමෙන්ම තම රටේ අරමුදල් බටහිර රටවල වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමටද ඔහු ක්‍රියා කළේය. ඊට අමතරව බටහිර සමාගම් වලට තම රටේ වැඩි ආයෝජන අවස්ථා ලබා දුන්නේය.
බටහිර බලය හමුවේ ෆිදෙල් කස්ත්‍රෝ වැනි ජනාධිපතිවරයකු හැසිරුණු ආකාරය දෙස බලන විට ගඩාෆි ජනාධිපතිවරයාට වරදින්නට පටන් ගත්තේ එතැන් සිට බවට කිසිදු සැකයක් නැත. ෆිදෙල් කස්ත්‍රෝ බටහිර බලය ඉදිරියේ දශමයිකන් හෝ යටත් නොවූ බැවින් ඔහුට වසර 60 ක් ඇමෙරිකානු අධිරාජ්‍යයේ එලිපත්තේ සිට කෙලින් සිටිමට හැකි විය. මාත්‍රාවකට යටත් වීමෙන් ගඩාෆිට සමාවක් ලැබේයයි ඔහු බලාපොරොත්තු වුවද බාගෙට යටත් වීමෙන් බටහිරයන් සතුටු කල නොහැකි බව ඔහු තේරුම්ගත්තේ නැත. දැන් ඔහු එය තේරුම් ගෙන ඇතිවාට සැකයක් නැත.
ගඩාෆි යටතේ ලිබියාවේ අසීමිත තෙල් සම්පත් මෙන්ම ජල සම්පත් ද අත්පත්කර ගත නොහැකි බව බටහිරයන් ඉතා හොඳින් දැනසිටියේය. ඒ අනුව ඔවුන් ගඩාෆි මරා දමා හෝ පලවාහැර තමාගේ රූකඩ පාලනයක් ස්ථාපිත කිරිමේ මෙහෙයුම ඉතා සුක්ෂමව දියත් කලේය. ඊට සමගාමීව ගඩාෆි සිදුකලේ බාගෙට යටත්වීම මගින් තම රටේ ජනතාවගේ මෙන්ම බටහිර විරෝධි ලෝක ප්‍රජාවගේ ප්‍රසාදයට හානි සිදුකර ගැනීමය. එය ඔහුට මරාන්තික විය. අල්කයිඩා සංවිධානයට විරුද්ධ වීම මගින් මැද පෙරදිග මුස්ලිම් අන්තවාදයේ වෛරයටද ඔහු පාත්‍ර විය. සමාජවාදී කදවුරටද ඔහු සුවිශේෂී හිතවත් කමක් පෙන්වුයේ නැත. ආයෝජන අවස්ථා ලබාදීමේදීද ඔහු බටහිරට වඩා විශේෂත්වයක් රුසියාවට හෝ චීනයට පෙන්වූයේ නැත. මේ සියල්ල විසින් බටහිරයින්ට ලිබියාව අත්පත්කර ගැනීම සඳහා සුවිශේෂි න්‍යාය පත්‍රයක් සකස්කිරීමට අවස්ථාව පෑදුනි. ඇත්තවශයෙන්ම ඊජිප්තුව සහ ටියුනිසියාව වැනි රටවල යම් පමණකට ස්වාධිනව පැන නැගුණු මහජන කැරලි බටහිරයන් විසින් වර්ධනය කොට පෝෂණය කලේ එම රැල්ල ලිබියාව හරහා සිරියාව දක්වාම ගෙන යාමට බව පෙනේ.
බටහිරයන්ගේ ලිබියා න්‍යාය පත්‍රය තුල ඔවුන් ඊජිප්තුවේ කැරලි කරුවන්ට වඩා ලිබියානු කැරලිකරුවන් සමග වෙනස් ආකාරයකට ගනු දෙනු කලේය. හොඳින් ඇද පැළඳ සිටින මධ්‍යම පාන්තික පෙනුම ඇති බෙන්ගාසි තරුණයන්ට දිලිසෙන නවීව ආයුධ සැපයීමට බටහිර රටවල් ප්‍රසිද්ධියේ ක්‍රියා කලේය. එසේ සපයන ආයුධ සඳහා අරමුදල් සපයාගැනීමට ලිබියාව බටහිර රටවල ආයෝජනය කල අරමුදල් තහනම්කොට අත්පත්කර ගැනීමට ද ඔවුන් ක්‍රියා කළේය. ලෝකයේ එවැනි ‘නීත්‍යානුකූල’ මූල්‍ය කොල්ලයක් ප්‍රසිද්ධියේ සිදුකොට ඒ මුදල්වලින් රාජ්‍ය විරෝධි කැරලිකරුවන්ට ප්‍රසිද්ධියේ ආයුධ සැපයු මුල්ම අවස්ථාව එය විය හැක.
ලෝක ත්රස්තවාදයට එරෙහිව ලෝක පොලිස්කාරයින් බවට පත්වී සිටින බටහිර අධිරාජ්‍යවාදී රටවල් නිත්‍යානුකූල රජයක් පෙරලීම සඳහා කැරලිකරුවන්ට සහය වීමට ගුවනින් ප්‍රහාර එල්ල කලේය. මානව හිමිකම් නාමයෙන් අහිංසක සිවිල් ජනතාවගේ හිස මතට පතිතකල එම බෝම්බ වලින් නගර සහමුලින්ම විනාශ විය. ඒ සඳහා ඔවුන් මානව හිමිකම් නාමයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනුමැතියද ලබා ගත්තේය. ඊට අමතරව නිත්‍යානුකූල රජයකට එරෙහිව බාහිර බලවේග වල ආධාර උපකාර ලබා ගනිමින් කැරලිගැසු ත්‍රස්තවාදී කල්ලි වලට එරෙහිව ක්‍රියාත්මක වීම යුධ අපරාධයක් ලෙස හඳුන්වා ගඩාෆි ජනාධිපතිවරයාට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට බටහිර බලවේග ක්‍රියා කලේය. මේවා දෙස ලෝකයේ ශිෂ්ඨ සම්පන්න ජාතින් තෘෂ්නිම්භූතව බලා සිටියා මිස වචනයක් කතා කලේ නැත. ශ්‍රී ලංකාව ලෝක ත්රස්තවාදයේ ප්‍රභලම උපාංගය වූ කොටි ත්‍රස්තවාදින්ගේ මහජනතාව මුදා ගැනීම සඳහා සීමා සහිත ප්‍රහාර එල්ල කිරීම යුධ අපරාධයක් ලෙස හඳුන්වන රටවල් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය එවැනි මහා පරිමාන ගුවන් ප්‍රහාර පිළිබඳ වචනයක් කතා කළේ නැත. නේටෝවේ ගුවන් ප්‍රහාර මගින් 50,000 කට වඩා සිවිල් වැසියන් ඝාතනය වූ බව බටහිරයන් විසින්ම පිළිගෙන ඇත. නමුත් ඒ යුධ අපරාධ පිළිබඳ විද්වත් කමිටුවක් පත්කිරීමට බන්කි මූන්ලා කතා කරන්නේ නැත. ඒ ඝාතනවලට වගකිව යුතු ප්‍රහාර සඳහා අනුමැතිය දුන්නේ බන්කීමූන්ලා විසින්ම නිසා ඔවුන්ට දැන් බොරුවට හෝ වාර්තාවක් ඉල්ලීමේ ඉඩක් නැත. දැන් ඔවුන් ගලේ පැහැරූ බළලූන් සේ සිටිති.
බෙන්ගාසි කැරලිකරුවන් පුහුණු කිරීමට සහ ඔවුන්ට යුධ පිටියේදිම උපදෙස් දීම සඳහා ඇමෙරිකාව සී.අයි.ඒ නිළධාරින් සහ ඇමෙරිකානු සහ ප්‍රංශ හමුදා නිලධාරින් විශාල පිරිසක් යොදවා සිටි බව මේ වන විට ඔප්පු වී ඇත. සී.අයි.ඒ. සංවිධානය සෘජුව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විධානය යටතේ පවතින සංවිධානයකි.ඒ අනුව දැනට ඝාතනය කෙරි ඇති 50,000 කට අධික අහිංසක ලිබියානු සිවිල් වැසියන්ට එරෙහිව සිදු කෙරෙනු යුධ අපරාධ පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති වරයාට ‘නියෝග දීමේ වගකීම’ මත චෝදනා එල්ලකල හැකි වේ. ඊට අමතරව කැරලිකාර හමුදා ඒ වන විට ලිබියාවේ නිත්‍යානුකූල රාජ්‍ය නායකයාගේ හිස ඉල්ලා ත්‍යාගයක් ප්‍රකාශයට පත්කලේය. ඔහු ඝාතනයට ලක්වුයේ නම් එහි වගකීමද සෘජුව ඇමෙරිකානු ජනාධිපතිවරයා බාරගත යුතු වනු ඇත. නමුත් තව දින කිහිපයකින් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට සැරසෙන ඇමෙරිකානු රජයට ඔවුන්ගේ මේ පිළිකුල් සහගත නිරුවත පෙන්වාදීමට ඉදිරිපත් වන්නේ කුමන රාජ්‍යයද? දැන් තිබෙන තත්ත්වය යටතේ එසේ කල යුතු පළමු රාජ්‍යය ශ්‍රී ලංකාව බවට කිසිදු සැකයක් නැත.
ශ්‍රීලංකාව මේ වන විට ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා පිළිනොගන්නා බවට පැහැදිලි ප්‍රකාශයක් සිදු කොට ඇත. ඊට අමතරව චැනල් 4 වැනි ව්‍යාජ ගොතන ලදස සාක්ෂි පුස් වෙඩි බවට පත් කිරීමට යුධ පිටියේදී සත්‍ය ඇසින් දුටු හමුදා නායකයින් සමත් වී ඇත. මේ තත්ත්වය තුල බටහිරයන්ගේ නිර්ලජ්ජිත ක්‍රියාකලාපයට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු කල යුත්තේ ශ්‍රී ලංකාව බවට සැකයක් නැත. ‘එනම් ආරක්ෂාව සඳහා හොඳම ක්‍රමය පහරදීම’ යන උපාය මාර්ගය ජාතියක් ලෙස අප අද තේරිය යුතුව ඇත. ඒ සඳහා බටහිරයන් ඉරාකයේදී ඇෆ්ගනිස්තානයේදී ග්වානසාවෝ කදවුරේදි සහ ලිබියාවේදී සිදුකල යුධ අපරාධ හෙළිදරව් කල යුතුය. අප එසේ කලහොත් බොරුවට නිදා සිටින අනෙක් රාජ්‍යවලටද අවධි වීමට ධෛර්්‍යය ලැබෙනු ඇත. අප එසේ නොකලා යැයි අපට කිසිදු සමාවක් බටහිරයන්ගෙන් ලැබෙන්නේ ද නැත.
ඔවුන් අපට බෙදන්නේද ගඩාෆි ජනාධිපතිතුමාව බෙදු හැන්දෙන්ම බවට කිසිදු සැකයක් නැත. බටහිරයන්ට ගඩාෆි ජනාධිපති බාගෙට යටත් වූ හතුරෙකි. එහෙත් ශ්‍රී ලංකාවේ සේනාධි නායකයා බටහිරයන්ට යටත් නොවූ සහ ඔවුන්ගේ අපේක්ෂාවන්ට එරෙහිව කටයුතු කල අයෙකි. ඔහු බටහිරයන්ගේ සාමාන්‍ය හතරකුට වඩා බටහිර ලැජ්ජාවට පත්කල අයෙකි. ඔහු බටහිර කුලී හමුදාවක් සුනු විසිනු කොට බටහිර න්‍යාය පත්‍රය පාගා විසිකොට කෙල ගැසු අයෙකි. යුධ අපරාධ චෝදනා ගෙනැවිත් ඔහුව යමක් කිරිමට උත්සාහ කරන්නේ ඒ නිසාය.
ඒ තත්ත්වය තුල අද ජාතියක් ලෙස අප තේරිය යුතුව ඇත්තේ දශමයකින් හෝ යටත්වීම නොකල යුතුය, එය අවසාන යටත්වීමෙන් කෙලවර ඔහු ඇත යන ස්ථාවරය පමණි. වෙනත් වචන වලින් කියන්නේ නම් ෆිදෙල් කස්ත්‍රෝගේ උපාය මාර්ගයයි. ඒ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව බටහිරයන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති ලිබියා න්‍යාය පත්‍රය පරාජය කල හැක්කේ ගඩාෆි ලෙස කටයුතු කිරිමෙන් නොව ෆිදෙල් කස්ත්‍රෝ ලෙස කටයුතු කිරිමෙනි. ඒ සඳහා සම්පුර්ණ කල යුතු තවත් කොන්දේසියක් ඇත. ඒ සමස්ථ රටේ ජනතාව රජය වට පෙල ගැස්සවීමයි. ගඩාෆිට කල නොහැකි වූ දේ එයයි. ශ්‍රී ලංකාව හෙට දින ආරම්භ කල යුතුව ඇති පලමු දේ එයයි. එනම් බටහිර ලිබියා න්යායපත්රයට එරෙහිව සියලූ ජනතාව පෙලගැස්සවීමයි, ඉතා සරලව කියන්නේ නම් බෙන්ගාසි කැරලිකරුවන්ට ශ්‍රී ලංකාවේදී කිසිදු ඉඩක් ලබා නොදිමය

Disclaimer Songs & Mp3 are only a trial version, Please go to your Local Retailer & Buy the Orginal version of cd’s or cassetes of these Media file. The songs here are for promotional purpose only. Making CD’s from Mp3 files is illegal. These are provided to give users the idea of best music. This blog does not host any of the files mentioned on this blog or on its own servers. It only points out to various links on the Internet that already exist and are uploaded by other websites or users. This blog hold no responsibility for any illegal usage of the content.
Powered by Blogger.
░█░░░█░█░▄▀░█▀▀░░░░▀█▀░█░█░█░▄
▀▀ ░█░░░█░█▀░░░█▀░░▄▄░░█░░█▀█░█░░ ▀▄ ░█▄▄░█░█░▀▄░█▄▄░░░░░█░░█░█░█░▄ ▄▀ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆ ░░░░█▀█░█░░░█▀▀░█▀█░█▀▀░█▀▀░░░ █░ ░░░░█▀▀░█░░░█▀░░█▀█░▀▀█░█▀░░░░ ▀░ ░░░░█░░░█▄▄░█▄▄░█░█░▄▄█░█▄▄░░░ ▄░ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫M۪۫۰۰۪۫O۪۫۰۰۪۫R۪۫۰۰۪۫N۪ ۫۰۰۪۫I۪۫۰۰۪۫N۪۫۰۰۪۫G۪۫
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫N۪۫۰۰۪۫I۪۫۰۰۪۫G۪۫۰۰۪۫H۪ ۫۰۰۪۫T۪۫۰
0 comments:
Post a Comment